Sunday 22 February 2015

කෝට්ටේ බලය පෘතුග්‍රීසීන් අතට පත් වීම

මහලු වියට පත් වූ බුවනෙකබාහූ රජු පෘතුග්‍රීසීන්ගේ වෙඩි පහරකින් ක්‍රි.ව. 1521 දී මරණයට පත් විය. මින් පසුව රජකම ලබා ගැනීම ධර්මපාල කුමරු විසින් කල යුතු වූවත් ඔහු ළදරු අවදියේ සිටි බැවින් කුමරුගේ පියා වූ වීදිය බණ්ඩාර රජකමට පත් විය. මායාදුන්නේ හා පෘතුග්‍රීසීන් අතර ගැටුම් ඇති කරගත් මෙතුමා යාපනයේදී මරණයට පත් විය. මින් පසු ධර්මපාල කුමරු රජ විය. ඔහු 1557 දී දොන් ජුවාන් පෙරිය බණ්ඩාර ලෙස බෞතිස්ම ලැබීය.
රජු කතෝලිකයකු වීම නිසා නොසතුටට පත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතුව රැගෙන සීතාවක මායාදුන්නේ රජු වෙත ගියහ. ක්‍රි.ව 1564 දී මායාදුන්නේ රජු කෝට්ටේ රාජ්‍යයයට පහර දුන්නේය. පෘතුග්‍රීසීහු ධර්මපාල කුමරු සමග කොළඹ කොටුවට පැන ගියහ. මෙයින් පසු ධර්මපාල රජු පෘතුග්‍රීසීන්ගේ රූකඩයක් වෙමින් පාලනය ගෙන ගියේය . 1580 දී ධර්මපාල රජු තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජ්‍ය පෘතුග්‍රීසීන්ට පවරා දුන්නේය. 1597 දී ධර්මපාල කුමරු මියයාමෙන් පසු කෝට්ටේ රාජ්‍යයේ පාලනය පෘතුග්‍රීසීන්ට උරුම විය. මේ සදහා සිංහල ප්‍රධානීන් සමග ඇති කරගත් ගිවිසුම මල්වානේ ගිවිසුම ලෙස හැදින්වේ.

1 comments:

vicharaka said...

ලිපිය මීට වඩා තව දික් කලානම් හොඳයි. මේ පුරාවෘත්තයේ ඉතා රසවත් අවස්ථා බොහොමයි. පෘතුග්‍රීසී යන වචනය පෘතුගීසි යනුවෙන් නිවැරදි කරන ලෙස ඉල්ලන්න කැමතියි.