Sunday 22 February 2015

ධර්මපාල කුමාරයා

බුවනෙකබාහූ රජුගෙන් පසුව කෝට්ටේ රාජ්‍යයේ උරුමයට කිසිවෙකු නොවූ බැවින් රජු සිය දියණියගේ පුත් ධර්මපාල කුමරුට එය උරුම කර දීමට කටයුතු කලේය. ඒ අනුව රජු ධර්මපාල කුමරුගේ පිළිරුවක් සාදා පෘතුගාලයට යැවූ අතර එමගින් සිය කුමරුට පෘතුගාල රජුගේ ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලිය. තවද රටේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණයට අවශ්‍ය කටයුතු සැලසීමට රජු පෘතුග්‍රීසීන්ගේ අවසර ලබා දුන්නේය.
ඒ අනුව පෘතුගාලයේදී ධර්මපාල කුමරුගේ පිළිරුවට ඔටුණු පැළදි අතර නැවත පැමිණීමේදී රටේ කිතුනු ආගම ප්‍රචාරණයට අවශ්‍ය පූජකවරුද ලංකාවට පැමිණියහ. මෙමගින් රාජ්‍ය අනුග්‍රහයෙන් කෝට්ටේ රාජධානියේ කිතුනු ආගම ප්‍රචාරණය විය. රජු කතෝලික ආගම වැළද නොගැනීමත් මායාදුන්නේ පෘතුග්‍රීසීන්ට පාවා නොදීමත් නිසා පෘතුග්‍රීසීහූ රජු සමග අමනාප විය.

0 comments: