Wednesday 25 February 2015

සීතාවක රාජධානියේ නැගීම

ක්‍රි.ව. 1583 දී රයිගම් බණ්ඩාරගේ මරණයෙන් පසු සීතාවක රාජ්‍යයට රයිගමද අයිති විය. 1527 සිට 1537 දක්වා මායාදුන්නේ රජු කෝට්ටේ යටත් කර ගැනීමට සිදු කල සියලු උත්සහ අසාර්ථක වීම නිසා ඔහු බුවනෙකබාහූ සමග සාම ගිවිසුමක් ඇති කර ගත්තේය.
සීතාවක බලය වර්ධනයට බලපෑ හේතු
  • කෝට්ටේ ධර්මපාල රජු 1551 දී කතෝලික ආගම වැළද ගැනීම
  • භික්ෂූන් වහන්සේලා හා ජනතාව විශාල වශයෙන් කෝට්ටේ අතහැර සීතාවකට යෑම.
  • දන්ත ධාතූන් වහන්සේ මායාදුන්නේ රජු සතු වීමෙන් රාජ්‍යත්වයේ උරුමය එතුමාට ලැබීම.
  • දන්ත ධාතූන් වහන්සේ දෙල්ගම විහාරයේ ආරක්ෂාකාරීව තබා ඊට පුද පූජා පැවැත්වීම.
ඒ අනුව ක්‍රි.ව 1579 වන විට දිවයිනේ ප්‍රබලම රාජ්‍ය ලෙස සීතාවක රාජ්‍ය නැගී ආවේය. මෙය පෘතුග්‍රීසීන්ට දැඩි තර්ජනයක් විය. මේ නිසා ඔවුහු 1562 දී පෙරෙයිරා ද ලසර්දා ලසර්දා යටතේ හමුදාවක් සීතාවකට පිටත් කර හැරීය. මේ බව දැනගත් මායාදුන්නේ රජු සිය පුත් ටිකිරි බණ්ඩාර කුමරු යටතේ සේනාවක් සූදානම් කර වීය. මුල්ලේරියාවේදී සිදු වූ එම සටනින් පෘතුග්‍රීසීන්ට දරුණු පරාජයක් අත්විය.

0 comments: