Wednesday, 18 February 2015

ජලාශ්රිත ශිෂ්ඨාචාරයේ භාෂාව හා සාහිත්‍යය

මෙහිදී පාලි, සංස්කෘත හා සිංහල සාහිත්‍ය වැදගත් වේ. සිංහල භාෂාවේ මුල භාෂාවන් ලෙස පාලි හා සංස්කෘත වැදගත් විය.

පාලි සාහිත්‍ය
මෙහිදී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදනය කල අට්ඨ කතා සාහිත්‍ය වැදගත් වේ. උන් වහන්සේ විසින් අට්ඨ කතා හා ත්‍රිපිටකය සම්පූර්ණයෙන් හදාරා ඒවා කැටි කොට එහි දක්වා ඇත. එහිදී සම්මතපාසාදිකා, සම්මෝහ විනෝදනී, මනෝරත පුරණී යන ග්‍රන්ථ වැදගත් වේ. බුද්ධදත්ත, ධම්මපාල වැනි අටුවාචාරීන් ග්‍රන්ථ ලියා ඇත. දීපවංශය හා මහාවංශයද පාලි සාහිත්‍ය ග්‍රන්ථ වේ. පොලොන්නරු යුගයේදී විනය සංග්‍රහය, සාරාර්ථදීපනී, මොග්ගල්ලාන ව්‍යාකරණ වැනි පාලි ග්‍රන්ථ බිහි විය.

සංස්කෘත සාහිත්‍ය
මෙහිදී සාරාර්ථ සංග්‍රහය,  ජානකීහරණය වැනි ග්‍රන්ථ වැදගත් වේ.

සිංහල සාහිත්‍ය
මහා අටුවා, මහා පච්චරී අටුවා, කුරුන්දි අටුවා වැනි ග්‍රන්ථ සිංහල කෘතීන්‍ වේ  . තවද පස්වන කාශ්‍යප රජු විසින් කල දම්පියා අටුවා ගැටපදය, සිඛවළද, සිඛවළද විනිස වැනි ග්‍රන්ථද සිංහල සාහිත්‍ය කෘතිය. මහා අග්බෝ රජුගේ කාලයේ මහා කවීන් 12ක් සිටි බව සදහන් වන අතර එමගින් දියුණු සාහිත්‍යක් මෙකල තිබුණු බව කිව හැකිය. පොලොන්නරු යුගයේදී සසදාවත, මුවදෙව්දාවත, අමාවතුර, බුත්සරණ, සිංහල ථූපවංශය වැනි සිංහල සාහිත්‍ය ග්‍රන්ථද අභිධම්මත්ථ සංග්‍රහ සන්නය, මේඝදූත සන්නය, ජානකීහරණ සන්නය, සසදා සන්නය වැනි සන්නයද මහාබෝධි වංශ ගැටපදය, ජාතක අටුවා වැනි ගැටපද ද බිහි විය.