Wednesday 25 February 2015

පලමුවන රාජසිංහ රජතුමා

1581 දී මායාදුන්නේ රජුගේ මරණයෙන් පසු ඔහු පුත් ටිකිරි බණ්ඩාර කුමරු රජ විය. ඉන් වසරකට පසු උඩරට රාජධානිය යටත් කර ගැනීමට මෙතුමා සමත් විය. මෙතුමාගේ ඒකායන අධිෂ්ඨානය වූයේ පෘතුග්‍රීසීන් මෙරටින් එලවා දැමීමයි. ඒ අනුව 1587 දී කොළඹ කොටුවට පහර දුන් නමුත් පෘතුග්‍රීසීන්ට ගෝවෙන් ආධාර ලැබීම නිසා එම ප්‍රයත්නය අසාර්ථක විය.
මේ කාලයේ උඩරට රජකමට පත් වූයේ පළමුවන විමලධර්මසූරිය රජතුමාය. මෙය රාජසිංහ රජුගේ කෝපයට හේතු විය. ඔහු නැවත වරක් උඩරට ආක්‍රමණය කලත් ඉන් පරාජයට පත් විය. එම සටන අවසානයේ නැවත පැමිණීමේදී උන කටුවක් ඇනී පෙත්තන්ගොඩදී රජු මරණයට පත් විය. මෙයින් ප්‍රයෝජන ගත් පෘතුග්‍රීසීහූ සීතාවක ආක්‍රමණය කර එය ඔවුන් යටතේ වූ කෝට්ටේ රාජ්‍යයට ඈදා ගත්තේය.

0 comments: