Friday 27 February 2015

දන්තුරේ සටන

පෘතුග්‍රීසීන් යටතේ හැදී වැඩී ඔවුන්ට එරෙහි වෙමින් උඩරට රජ වූ විමලධර්මසූරිය රජු කෙරෙහි පෘතුග්‍රීසීන් තුල දැඩි කෝපයක් විය. ඒ අනුව පේරෝ ලෝපේස්ද සූසා යටතේ පෘතුග්‍රීසී සේනාවක් උඩරට ආක්‍රමණයට පිටත් විය. උඩරටට පැමිණි ඔවුන් එහිදී දෝන කැතිරිනා දේවිය උඩරට රැජින ලෙස නම් කලහ. විමලධර්මසූරිය රජු මෙහිදී පලා ගියේය. රැජින මුවාවෙන් උඩරට පාලන ගෙනයාම පිළිබද උඩරට ජනයා පෘතුග්‍රීසීන්ට දැඩි විරෝධයක් එල්ල කලහ. ඒ අනුව පෘතුග්‍රීසීහු නැවතත් කොළඹ බලා පිටත් විය. අවස්ථාව උදා වෙනතුරු බලා සිටි විමලධර්මසූරිය රජු දන්තුරේදී පෘතුග්‍රීසීන් සමූල ඝාතනය කලේය. දෝන කැතිරිනා දේවිය විවාහ කරගත් විමලධර්මසූරිය රජු එමගින් රාජ්‍යත්වය තහවුරු කර ගත්තේය.

0 comments: