Friday 27 February 2015

පෘතුග්‍රීසීන් යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය

පෘතුග්‍රීසීන් පැමිණෙන විට ලංකාවේ පැවැතියේ රාජාණ්ඩු ක්‍රමයකි. අග්‍රරාජධානිය වූ කෝට්ටේ දිශා 4 කට බෙදා පාලනය කෙරිණි. එනම් සත් කෝරලය,සතර කෝරලය,සබරගමුව හා මාතර ලෙසයි. 1597 දී මල්වානේ ගිවිසුමෙන් පෘතුග්‍රීසීහු මේ ආකාරයටම පාලනය ගෙන යන බවට සහතික විය.
පෘතුග්‍රීසී පාලනයේ විශේෂ ලක්ෂණ
  • පෘතුග්‍රීසීන් යටතේ පැවැති ප්‍රදේශවල ඉහලින්ම සිටියේ පෘතුගාල රජුය. ඔහු යටතේ පෙරදිග පාලන ප්‍රදේශ මෙහෙය වීමට සිටි පාලකයා විසුරේ නම් විය. ඔහු විසින් ලංකාවේ පෘතුග්‍රීසී ප්‍රදේශ පාලනය සදහා කපිතාන්වරයකු පත් කරනු ලැබීය. ඔහු යටතේ නිලධාරීන් රැසක් විය.
  • කපිතාන් විසින් මුලින් කෝට්ටේ පැවැති ආකාරයටම පාලන ඒකක පාලනය සදහා නිළධාරීහු පත් කළහ.
  • විකාර් ජෙනරාල් නම් පූජකතුමා ආගමික කටයුතු මෙහෙය වීය.
  • ශාන්ත ලෝරන්ස් ලෙස හැදින්වූ කොළොම්පුරය නාගරික සභාවක් මගින් පාලනය විය.

0 comments: