Friday 27 February 2015

යාපනය හා පෘතුග්‍රීසීන්

පෘතුග්‍රීසීන් පැමිණෙන විට යාපනයේ පාලකයා වූයේ පරරාජසේකරම් නමැත්තෙකි. ක්‍රි.ව 1519 දී සංකිලි නමැතෙතෙකු පරරාජසේකරම් මරා යාපනයේ රජ විය. මින් බියට පත් පරරාජසේකරම්ගේ පුත්‍රයා පෘතුග්‍රීසීන් වෙත පලා ආවේය. මෙයින් පෘතුග්‍රීසීන්ට යාපනයට අවධානය යොමු කිරීමට අවස්ථාව උදා විය. තවද යාපනයේ කතෝලික ආගම ප්‍රචාරණය කිරීමටද පෘතුග්‍රීසීන්ට අවශ්‍ය විය.
ඒඅනුව 1543 දී මාටින් අපොන්සු සූසා යටතේ යාපනයට පෘතුග්‍රීසී සේනාවක් යැවීය. මීට බිය වූ සංකිලි පෘතුග්‍රීසීන් සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. ඒ අනුව යාපනය තුල කතෝලික ආගම ප්‍රචාරණයට පෘතුග්‍රීසීන්ට අවසර උදා විය. මෙයින් කෝපයට පත් හින්දු පූජකවරු සංකිලි රජුට විරෝධය පල කළේය. මේ නිසා රජු නැවතත් ජනතාවට හින්දු ආගම අදහන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
මෙයින් කෝපයට පත් පෘතුග්‍රීසීහු සංකිලිට එරෙහිව කොන්ස්තන්තීනුද සා යටතේ යාපනයට සේනාවක් යැවීය. ඒ අනුව ඔවුන් යාපනය විනාශ කර පෘතුග්‍රීසී කාර්‍යාලයක් එහි ඉදි කලේය. මෙහිදී සංකිලි රජු පලා ගියේය. පසුව යලිත් පැරණි ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සංකිලි රජු කැමැත්ත පල කිරීමත් සමග පෘතුග්‍රීසීහුද යලිත් ඊට අවසර ලබා දුන්නේය.  මේ නිසා යාපන වැසියෝ රජු සිහසුනෙන් නෙරපා චේගරාග සේකරම් නම් රජෙකු එහි රජ කරවීය. ඔහුද පෘතුග්‍රීසීන්ට පක්ෂපාතීව කටයුතු කිරීම නිසා ඔහුවද නෙරපා දැමීය.
මින් පසු සංකිලිගේ පුත්‍රයා වූ පුවිරාජ පණ්ඩාරම් රජ විය. ඔහු දැඩි ලෙස පෘතුග්‍රීසීන් මර්දනය කලේය. මේ නිසා පෘතුග්‍රීසීන් යලිත් යාපනය ආක්‍රමණය කර ඔහුව මරා දැමීය. මින් පසු යාපනයේ පාලනය සම්බන්ධව නල්ලූර් ගිවිසුම පෘතුග්‍රීසීන් විසින් ඇති කර ගත්තේය.ඉන් යාපනයේ පාලකයා ලෙස පෘතුගාල රජතුමා පිළිගනු ලැබීය.
මින් පසු යාපනයේ පාලකයා වූයේ පෘතුග්‍රීසින්ට පක්ෂපාතී වූ හෙන්දර මානසිංහ රජතුමාය. 1615 දී ඔහුගේ මරණයෙන් පසු දෙවන සංකිලි රජ වූ අතර ඔහු පෘතුග්‍රීසීන් දැඩිව විවේචනය කලේය. මෙය ඔවුන්ට ද්‍රෝහී වීමක් ලෙස සැලකූ පෘතුග්‍රීසීහු පිලිප් ඔලිවේරා යටතේ සේනාවක් යවා සංකිලි අල්ලා ගෝවට පිටුවහල් කලේය. එතැන් පටන් යාපනයේ බලය පෘතුග්‍රීසීන් සතු විය.

0 comments: