Friday 27 February 2015

කතෝලික ආගම

ලංකාවේ කතෝලික ආගම ප්‍රචාරණයට පෘතුග්‍රීසීහු දැඩි උත්සහයක් ගනු ලැබීය.
  • ධර්මපාල කුමරුට ඔටුනු පැලදවීමටත් අනතුරුව ලංකාවේ කතෝලික ආගම ප්‍රචාරණය කිරීමට ෆ්රැසිස්කානු පූජකවරු 4 දෙනෙකු ලංකාවට පැමිණියහ.
  • වෙරළබඩ ප්‍රදේශවල දේවස්ථාන රැසක් ඉදි කෙරිණි.
  • ධර්මපාල රජු බෞද්ධ හා හින්දු පන්සල් හා කෝවිල් සතු දේපල කතෝලික පූජකවරුන්ට පවරා දෙනු ලැබීය.
  • යාපනයේ පාලකයන්ගේ සහායෙන් යාපනය පුරා කතෝලික ආගම ප්‍රචාරණය කෙරිණි.
  • කතෝලික ආගමට බැදුණු අයට රජයේ නිලතල මෙන්ම බදු වලින්ද නිදහස් කළහ.
  • කතෝලික ආගමට බද්ධ වූ උත්සව ජනතාවගේ සිත් ඇද බැද තබා ගැනීමට සමත් විය.
  • අධ්‍යාපනය ලබාදුන් පැරිස් පාසල් මගින් කතෝලික ආගම ව්‍යාප්ත කරනු ලැබීය.
පෘතුග්‍රීසීන් ලංකාවෙන් ඉවත් වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල කතෝලික ආගම ප්‍රචාරණය වී තිබුණි.

0 comments: