Wednesday, 18 February 2015

ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයේ ආගම්

  • බුදුදහම
දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී මිහිදු හිමියන්ගේ ආගමනයත් සමග ලංකාවට බුදුදහම උරුම විය. රජ පවුල බුදුදහමට නැඹුරු වීම මත රට වැසියන්ද බුදුදහම වැලද ගත්හ. රජු විසින් මහමෙවුනා උයන පූජා කිරීමත්, මහා විහාර සීමා ලකුණු කිරීමත්, ජනතාවට වන්දනා කිරීමට සර්වඣ ධාතු තැන්පත් කර ථූපාරාමය ඉදි කර ඇත.
බුදුදහමේ දීප්තිමත් යුගය වූයේ දුටුගැමුණු රජ කාලයයි. එකල රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ලෝවාමහාපාය ඉදි විය. බුදුදහම හා ධර්මය ආරක්ෂා කිරීමට රජවරු පියවර ගත්හ. වළගම්බා යුගයේදී මුඛ පරම්පරාවෙන් පැවත ආ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන ලදි. වළගම්බා රජුගේ කාලයේ අභයගිරිය ආරම්භ වීමත් සමග නිකාය භේදය ආරම්භ විය.
තවද මහසෙන් රජුගේ කල ඉදි වූ ජේතවනාරාමයද ථේරවාදයට විරුද්ධ විය. එමගින් මහායාන බුදුදහම ලංකාවේ පැතිර ගොස් ඇති අතර ඊට මහසෙන් රජුගේ අනුග්‍රහයද ලැබී ඇත.
පොලොන්නරු යුගය වන විට මහා විහාරය, අභයගිරිය හා ජේතවනාරාමය ලෙස නිකාය මධ්‍යස්ථාන 3ක් විය. මහා පරාක්‍රමබාහූ රජු මෙම තුන් නිකාය එකතු කර ශාසන සංශෝධනයක් ඇති කලේය. මෙයින් නිකාය භේදය කෙලවර විය.
මින් පසුව සංඝ සමාජයේ විනයානුකූල පැවැත්ම සදහා විනය නීති ඇතුලත් පොලොන්නරු කතිකාවත ගල් විහාර පර්වතයේ බිත්තියේ කොටන ලදි.

  • හින්දු ආගම හා වෙනත් ආගම්
ලංකාවට බුදුදහම ලැබීමට පෙර විවිධ ස්වාභාවික වස්තූන් දේවත්වයෙන් සලකා පුද පූජා පවත්වා ඇත. මිහිදු හිමි පැමිණි කාලයේ ලංකාවේ බ්‍රාහ්මණ ආගම පැවත ඇත. මහසෙන් හා වළගම්බා රජ කාල වලද මේ ආගම පිළිබද තොරතුරු හමුවේ. සංක්‍රමණික ඉන්දියානුවෝ හින්දු දේවාල ඉදි කලහ. අනුරාධපුර යුගයේදී කුඩා කෝවිල් වල නටඹුන් හමුවන අතර පොලොන්නරුව සොලීන්ට යටත් වීමෙන් පසු එහි ශිව දේවාල ඉදිකරනු ලැබ ඇත. හින්දු ආගමේ බලපෑමෙන් පොලොන්නරු සදකඩ පහනින් ගවයා ඉවත් කර ඇති අතර මෙකල ශිව, ගණ, විෂ්ණු වැනි දෙවිවරුන්ද පාර්වතී වැනි දේවතාවියන්ගේ ප්‍රතිමා හමුවේ.