Wednesday, 18 February 2015

ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයේ ජන ජීවිතය

බුදු දහමේ ආභාෂය මත සන්සුන් සාමකාමී ජීවන රටාවක් පැවති අතර කෘෂිකර්මය පාදක කරගත් ජන ජීවිතයක් ජනතාව ගත කලහ. බුදුදහමේ ව්‍යාප්තිය මත සියලු ජනයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ලෙස සලකන ලදි. අනුරාධපුර යුගයේ පීතෘ මූලික සමාජයක් පැවති අතර කාන්තාවන්ටද නිදහසේ කටයුතු කල හැකි  විය.
ගොවියන්, වෙළදුන්, රන්කරුවන්, රිදීකරුවන් වැනි වෘත්තීවල නියුතු පුද්ගලයන් පැවති අතර කුල ක්‍රමයක් පැවතියත් ඉන්දියාව මෙන් දරුණු කුල භේදයක් මෙහි නොවීය.
හින්දු ආගමික බලපෑම් මත පොලොන්නරු යුගයේදී සමාජය තුල රජ, බමුණු, වෙළද, ගොවි ලෙස ප්‍රධාන කුල 4ක් විය. අවාහ විවාහ සාමාන්‍යයෙන් සිදු වූයේ සමාන කුල අතරය. කෘෂිකාර්මික ජීවන රටාව මෙහි ප්‍රමුඛ විය.
පන්දු කෙළිය, දිය කෙළිය, ඔංචිලි පැදීම වැනි ක්‍රියා එකල විය. ගුරු ගෙදර හෝ පිරිවෙන අධ්‍යාපන මධ්‍යස්ථාන විය. ගිහි පැවිදි අය මෙන්ම කාන්තාවන්ද අධ්‍යාපනය ලබා ඇත. ජනතාව තුල තිබූ නිදහස හේතුවෙන් ඔවුහු කලාවට හා සාහිත්‍යට යොමු වූහ.