Friday, 20 February 2015

ගම්පොළ රාජධානිය

ක්‍රි.ව. 1341 දී හතරවන බුවනෙකබාහූ සිය අගනුවර ලෙස ගම්පොළ තෝරා ගෙන එහි රජ විය. මෙකල ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රභූ පවුල් 2ක් විය. එනම් අලකේශ්වර හා සේනාධිලංකාර සෙනෙවිරත් යන පවුල්‍ ය. රජුගේ ඇමතිවරයා වූයේ සේනාධිලංකාර සෙනෙවිරත් යන්නායි.
මින් පසු පස්වන පරාක්‍රමබාහූ ගම්පොළ රජ විය. ඔහුගේ ඇමතිවරයා ද වූයේ සේනාධිලංකාර සෙනෙවිරත්‍ ය . දකුණේ ආගමික කටයුතු මෙහෙයවමින් ඔහු රජුට සහාය විය. ක්‍රි.ව. 1358 දී වික්‍රමබාහූ නම් කුමාරයෙක් නිශ්ශංක අලගක්කෝනාරගේ උපකාරයෙන් ගම්පොළ සිහසුන පැහැරගෙන තුන්වන වික්‍රමබාහූ නමින් රජ විය. නමුත් මොහු සිය අගමැති ලෙස තෝරා ගත්තේ නශ්ශංක අලගක්කෝනාරය.
මෙකල යාපනයේ සිට ආර්‍ය චක්‍රවර්තී ගම්පොළට ආක්‍රමණ 2ක් එල්ල කර ඇති අතර අලගක්කෝනාර සෙනෙවියා ඔහුව පලවා හැර ඇත.
මින් පසුව 1391 දී වීරබාහූ නමැත්තෙකු රජ විය. මෙකල රයිගම අලකේශ්වර යටතේ පාලන වූ අතර ඊට අකැමැති වූ වීරබාහූ අලකේශ්වර අල්ලා ගැනීමට උත්සහ කර ඇත. මින් පරාජය වූ අලකේශ්වර ඉන්දියාවට පලා යන අතර පසුව ඉන්දියානු ආධාර ඇතිව වීරබාහූ පරදා රයිගම රජ විය. මීට අකැමැති වූ ගම්පොළ සේනාධිලංකාර පවුල ගම්පොළ පරාක්‍රම ඈපා නම් තැනැත්තෙකු රජ කර ඇත.
මෙකල චීනයේ චෙංහෝ සෙන්පතියා ලංකාවට පැමිණ ඇත. අලකේශ්වර ඔවුන් සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර ඔවුන් ඔහුව සිරකරුවෙකු ලෙස චීනයට රැගෙන ගොස් ඇත.