Friday, 20 February 2015

කුරුණෑගල රාජධානිය

කුරුණෑගල යුගයේ විශිෂ්ඨතම පාලකයා වූයේ හතරවන පරාක්‍රමබාහූ රජතුමාය .
හතරවන පරාක්‍රමබාහූ රජතුමා
ක්‍රි.ව 1302 දී දෙවන බුවනෙකබාහූ රජුගෙන් පසුව හතරවන පරාක්‍රමබාහූ රජ විය. ශ්‍රේෂ්ඨ නරපතියෙකු වූ මෙතුමා බුදු දහම හා ශාස්ත්‍රීය දියුණුවට විශාල සේවයක් කලේය.
හතරවන පරාක්‍රමබාහූ රජුගේ සේවාවන්
  • කුරුණෑගල දළදා මාලිගාවක් ඉදි කිරීම.
  • දළදා වහන්සේගේ ආරක්ෂාවට හා නඩත්තුවට ගම්වර පූජා කිරීම.
  • දළදා සිරිත ලිවීම.
  • ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය කිරීම.
  • වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙනට හා තොටගමු විජයබා පිරිවෙනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම.
  • මහනුවර අස්ගිරිය සේනාසනය ආරම්භ කිරීම.
  • සිංහල බෝධි වංශය හා අනාගත වංශය වැනි පොත් ලිවීම.