09.වළගම්බා රජතුමා - Sri Lanka History - අභිමානවත් ලංකා ඉතිහාසයේ සයිබර් දිගහැරුම

Aincientlanka Blog is a History blog that brings all informations about the past Ceylon History. This is a completely write on Sinhala Language

Tuesday, 17 February 2015

09.වළගම්බා රජතුමා

දුටුගැමුණු රජුගෙන් පසු සද්ධාතිස්ස අනුරපුර රජ විය. ඉන්පසු ඔවුන්ගේ පුතුන්වන ථුල්ලත්තන,ලජ්ජිතිස්ස හා ඛල්ලාඨනාග පිලිවෙළින් රජකම් කලහ. ඛල්ලාඨනාග රජු මැරූ ඔහුගේ සෙනෙවියකු වන මහාරත්තක අනුරපුර රජ විය. මින් උරන වූ සද්ධාතිස්ස රජුගේ බාලම පුතු වන වට්ටගාමිණී අභය ඔහු මරා රජකම ලබා ගත්තේය.
මෙකල රුහුණේ තීය නම් බමුණා කැරැල්ලක් ඇති කල අතර සත් දමිළ ආක්‍රමනයක් අනුරපුරට එල්ලවිය. මෙයින් පරාජයට පත් පණ්ඩුකාභය රජු පලා ගියේය. සෝමා දේවිය හා පාත්‍ර ධාතුව ආක්‍රමණිකයන් පහැර ගත් අතර ඔවුනොවුන් වසර 15 රජකම් කලහ.
මෙකල මහා සාගතයක් පැමිණ වැව් අමුණු විනාශ විය. රුහුණේ හා මලය රටේ වෙසෙමින් සේනා සංවිධානය කල වලගම්බා රජු නැවත ආක්‍රමණිකයන් පරදා සිහසුන ලබා ගත්තේය.
වසර 12ක් රජකල මෙතුමා ශාසනයට විශාල සේවයක් කලේය.ගල් ලෙන් ශුද්ධ පවිත්‍ර කර සංඝයාට පූජා කළේය. අභයගිරි විහාරය කල අතර පසුව මෙය මහායාන බුදුදහමේ බලපෑමට හසු විය. මෙතුමාගේ කාලයේදී මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන ලදි.


අභයගිරි විහාරය
Post a Comment