Tuesday, 17 February 2015

08. දුටුගැමුණු රජතුමා

කාවන්තිස්ස රජුගෙන් පසුව සද්ධාතිස්ස රජු රජකම භාරගත් අතර ගැමුණු කුමරුන්ටද රජකම ලබා ගැනීමට අවශ්‍ය විය. ඔවුනොවුන් අතර රජකමට පැවති අර්බුදය මහා සංඝයා වහන්සේ මැදිහත් වීමෙන් සමතයකට පත් විය. රුහුණේ රජු බවට පත් වූ ගැමුණු කුමරු පියාගේ යුද සැලසුම් වල ප්‍රතිපල ලබා ගනිමින් එලාර රජු සමග යුද්ධයට සූදානම් විය.
ද්‍රවිඩයන් පරාජය කරමින් අනුරපුරට පැමිණි මෙතුමා එහිදී විජිතපුරදී එලාර රජු මරා අනුරපුර රජකම ලබා ගත්තේය. ඊට රජරට ජනතාවගේ සහායද ගැමුණු කුමරුට ලැබුණි.
නමුත් මෙතුමාට නැවත දකුණු ඉන්දීය ආක්‍රමණයකට මුහුණ දීමට නොබෝ කාලයකින් සිදුවූයේ එලාර රජු ඉන්දීය ආධාර ඉල්ලීම නිසාය.
ඔවුන්ද පරාජය කල මෙතුමා රට එක්සේසත් කලේය.
එලාර රජුට ගෞරව කිරීමටද මෙතුමා පසුබට නොවීය.රටේ පාලනය ක්‍රමවත් කල අතරම රුහුණ සද්ධාතිස්ස කුමරුටත් බටහිර ප්‍රදේශය තම පුතා වන සාලියටත් පවරා දෙනු ලැබීය.
ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, මිරිසවැටිය ආදී වෙහෙර විහාර 89ක් ද කළ මෙතුමා රෝහල් පවා ඉදි කළේය. තවද ද්‍රවිඩ පාලනය නිසා අඩපන වූ කෘෂිකර්මය යලි නගා සිටුවමින්රටේ එක්සත් පාලනයක් මෙතුමා විසින් ඇති කළේය.
මෙතුමාගේ පාලන කාලය ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි.



දුටුගැමුණු රජතුමා 



ලෝවාමහාපාය 


මිරිසවැටිය 


රුවන්වැලිසෑය