Friday 27 February 2015

රන්දෙණිවෙල හා ගන්නෝරුව සටන්

ක්‍රි.ව 1618 දී කපිතාන් බවට පත් වූ කොන්ස්තන්තීනුද සා උඩරට ආක්‍රමණයට වහා පියවර ගත්තේය. ඒ අනුව ඔහු
  • පෘතුග්‍රීසීන් සතු ගාලු හා කොළඹ කොටු වහා අලුත්වැඩියා කලේය.
  • ත්‍රිකූණාමලයේ හා මඩකලපුවේ නව බලකොටු ඉදි කලේය.
  • බේරේ වැව ආසන්නයේ වෙඩි බෙහෙත් කම්හලක් ආරම්භ කලේය.
  • වත්තලට හා මෝදරට ආසන්නව නව ජනපද ආරම්භ කලේය.
  • ලස්කිරිඤඤ හමුදාව ශක්තිමත් කලේය.
මේ බව දැනගත් උඩරට රජු ඊට දැඩි විරෝධයක් එල්ල කල අතර රජු ලංදේසීන් සමග සාකච්ඡා පැවැත්වීය. මෙය පෘතුග්‍රීසීන්ගේ කෝපය තවත් වැඩි කලේය.
ඒ අනුව මනා ලෙස සංවිධානය වූ පෘතුග්‍රීසී හමුදාව 1630 දී උඩරටට පැමිණියේය. සෙනරත් රජුගේ පුත් අස්ථාන කුමරු යටතේ සිංහල සේනාව බදුල්ල රණ්දෙනිවෙලදී ඔවුන් අන්ත පරාජයකට පත් කලේය.
1638 දී නැවත වරක් දියෝගෝද මේලෝ කොස්ත්‍රෝගේ නායකත්වයෙන් පෘතුග්‍රීසීහු ලංකාව ආක්‍රමණය කලහ. ගන්නෝරුවේදී සිංහල සේනාව සමග ඇතිවූ එම සටනින් පෘතුග්‍රීසීහූ අන්ත පරාජයට පත් විය.

0 comments: