Tuesday 17 February 2015

07.කාවන්තිස්ස රජතුමා

එලාර රජු රජරට පාලනය කරන අතරතුර රුහුණ පාලනය කලේ මෙතුමාය. එලාර රජුගෙන් රට මුදවා ගැනීමට දිගු කාලීන සැලසුම් මෙතුමා ක්‍රියාත්මක කරවීය.
මායා රාජ්‍ය සමග මිත්‍ර සබදතා පැවත්වූ මෙතුමා කැලණිතිස්ස රජුගේ දියණිය සරණ පාවා ගත්තේය. රට බත බුලතින් සශ්‍රීක කල අතර රටේ වෙහෙර විහාර ඉදි කරමින් ජනතාවගේ සහය ලබා ගත්තේය. යෝධයන්ගෙන් යුතු දැවැන්ත යුද හමුදාවක් හා අනුරපුරට යාමට අවශ්‍ය බලකොටු ආදියද සකසමින් අනුරපුර ආක්‍රමණයට සූදානම් විය.
මෙතුමාගේ පුත් ගැමුණු කුමරු අනුරපුර ආක්‍රමණයට අවසර ඉල්ලුවත් ඊට අවසර නොලෑබුනු බැවින් ඔහු මලය රටට පැන ගියේය.
නමුත් මෙතුමාට ඔහුගේ ජීවිත කාලයේදී අනුරපුර ආක්‍රමණය කිරීමට නොහැකි විය. මෙතුමා වෙහෙර විහාර 64ක් කල බව ඉතිහාසයේ සදහන් වේ.

0 comments: