Wednesday, 18 February 2015

ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයේ පාලන සංවිධානය

ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයේ පාලන සංවිධානය ප්‍රධාන කොටස් 3කින් යුතු විය.
  1. මධ්‍ය පාලනය
  2. ප්‍රාදේශීය පාලනය
  3. ගම් පාලනය

  • මධ්‍ය පාලනය
මෙහි ප්‍රධානියා රජුය. රාජ්‍යත්වය ලැබීමට රජු ගැලපෙන බිසවක්ද තෝරාගෙන රට වැසියන් ඉදිරියේ අභිෂේක උත්සවයක් පවත්වා ඇත.
රජතුමා රටවැසියන්ට කල යුතු කාර්‍ය 3කි.
  • රට ආරක්ෂා කිරීම.
  • ගොවිතැන් කටයුතු සදහා වාරිමාර්ග පහසුකම් සැලසීම.
  • ආගමික හා සංස්කෘතික දියුණුව ඇති කිරීම.
රාජ්‍ය පාලනයේදී රජුට සංඝයා වහන්සේගේගෙන් හා ඇමති, පුරෝහිත, සේනාපති, ආදී ප්‍රභූන්ගෙන් උපදෙස් ලැබී ඇත. දසරාජ ධර්ම අනුව රාජ්‍ය පාලනය කළ යුතු විය. අනුරාධපුර යුගයේ රජු බෝසත් කෙනෙකු ලෙසත් පොලොන්නරු යුගයේ රජු දෙවි කෙනෙකු ලෙසත් හැදින්වීමට උත්සහ කර ඇත. සහෝදරයාගෙන් සහෝදරයාට හෝ පියාගෙන් පුතුට ලෙස රජකම උරුම විය. රජු රජරට පාලනය මෙහෙය වීමේදී යුව රජු මායා දේශයත් ඈපා රුහුණත් පාලනය කරන ලදි. රජකමේ නියම උරුමකාරයා වූයේ අභිෂේක ලත් බිසවගේ පුතුන් පමණි.
රජුට සහායට නිලධාරීන් රැසක් විය. එහි වැදගත්ම පුද්ගලයා වූයේ සේනාපතිය. ජත්තග්ගාහක, අසිග්ගාහක, අමාත්‍ය, පුරෝහිත, බඩගරික, මහලේනා, වෙදෙනා ලෙස නිලතල රැසක් විය. මේ සියලු දෙනා එක්ව රටේ පාලනය පිළිබද සාකච්ඡා කර ඇත.
  • ප්‍රාදේශීය පාලනය
මධ්‍ය පාලනයට අමතරව රජුගේ පාලන කටයුතුවල සහායට ප්‍රාදේශීය පාලන ඒකක පහත ලෙස සැකසී තිබුණි.
  • උත්තරපස්ස (උතුර)
  • පාචීනපස්ස (නැගෙනහිර)
  • දක්ඛිනපස්ස (දකුණ )
  • පශ්චිමපස්ස (බටහිර)
අනුරාධපුර අවසානය වන විට රජරට, රුහුණු රට, මලය රට හා දඛ්ඛිණ දේශය ලෙස ප්‍රාදේශීය පාලන ඒකක පැවතිණ. පොලොන්නරු යුගය වන විට රජරට, දක්ඛිණ දේශය, දොලොස් දහස් රට, අටදහස් රට ලෙස කොටස් 4 කට බෙදුණි. මුල් කල යාපනය නකදිව ලෙස හදුන්වා ඇත. වසභ රජුගේ සමයේ ඉසිගිරි නම් ඇමතිවරයකු උතුර පාලනය කර ඇත.
  • ගම් පාලනය
පණ්ඩුකාභය රජුගේ කාලයේ සිටම ගම් පාලනය විධිමත් ලෙස ක්‍රියාත්මක විය. එහි කුඩාම හා වැදගත්ම ඒකකය ගම විය. එහි ප්‍රධානියා ගමික, පරුමක, ග්‍රාමභෝජක ලෙස හැදින්විණි.
ගමික සතු කාර්‍යය
  • ගමේ සාමය හා විනය සුරැකීම
  • ගමේ ආදායම් එකතු කිරීම
  • ගමේ කටයුතු පිළිබද රජුට බැදී සිටීම
  • ගැමියන්ගේ සිරිත් විරිත් සුරැකීම
  • ගම්වැසියන් සම්ග සාමූහිකව කටයුතු කිරීම
  • යුක්තිය පසිදලීම
විවිධ සේවාවල නියුතු වූවන්ට රජු විසින් ගම් බිම් ලබාදෙන ලදි. ආරාමවලට ගම්බිම් පූජා කිරීමද සිදුවිය.