Friday, 20 February 2015

මධ්‍යකාලීන ලංකාවේ ආර්ථික රටාව

රජරටින් විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වූ ජනතාව පැමිණියේ දුර්ග ආශ්‍රිත ප්‍රදේශවලටය. මේ නිසා මෙහි මහා වැව් හෝ වාරිමාර්ග ඉදි කරනු නොලැබීය. කෘෂිකාර්මික කටයුතු සිදු වූයේ අහස් දියෙනි. ප්‍රධාන වශයෙන් වී වගා කල අතර හේන් ගොවිතැනද සිදු විය. මදක් උස් බිම් වල පොල්, කොස්, පුවක්, බුලත්,ගම්මිරිස් වැනි බෝග වගා කරන ලදි. තෙත් කලාපීය වෙරළබඩ කලාපයේ විශාල වශයෙන් පොල් වගා කෙරිණි. තවද එහි කුරුදු, පුවක්, ගම්මිරිස්, සාදික්කා, එනසාල් වැනි බෝග වගා කරනු ලැබ ඇති අතර අතිරික්තය අපනයනයද කර ඇත. මුතු, මැණික්, ඇතුන්, ඇත්දල මෙකල අපනයනය කල අනෙකුත් භාණ්ඩයන්‍ ය . ඒ අනුව ඉන්දියාව, අරාබිය, පර්සියාව හා ඊජිප්තුව සමග ගණුදෙණු කර ඇත. විදේශ වෙළදාමේ ඒකාධිකාරය රජු සතු වූ අතර චීන පිගන් බඩු හා ඉන්දියානු කසී සලු ආනයනය කල භාණ්ඩ අතර වැදගත් විය. වෙළදාම සදහා කඩ වීදි හා කාසි භාවිතා කර ඇති අතර අභ්‍යන්තර වෙළදාම හා සම්බන්ධ මාර්ග පද්ධතියක් එකල වූ බව මූලාශ්‍ර සදහන් කරයි.