Tuesday, 17 February 2015

මහා පරාක්‍රමබාහූ රජතුමා

කීර්ති ශ්‍රී මේඝ ගෙන් පසු පරාක්‍රමබාහූ කුමරු දක්ඛිණ දේශයේ රජ විය. පසුව මලය දේශය සිය පාලනයට ගත්තේය. රුහුනේ මානාභරණ හා ගජබාහූ රජවරුන් සමග සටන් කර පොලොන්නරුවේ රජ විය.
නමුත් මෙකල සුගලා දේවිය යටතේ රුහුණ පාලනය විය. රජු සුගලා දේවිය පරදා දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍ර ධාතුව ලබාගෙන මුලු රටේම පාලකයා බවට පත් විය.
විනාශ වූ වැව් බැදවමින් හා නව වැව් රැසක් ඉදිකරමින් රටේ ගොවිතැන දියුණු කලේය. රන් මුතු මැණික් විකුණා විශාල ලෙස රටේ ආර්ථිකය දියුණු කලේය. පොල් වගාව පවා මෙකල දියුණු විය. 84000ක් පමණ යුද හමුදාවක් රජු යටතේ විය. ආරෝග්‍යශාලා, පුස්තකාල ආදී සියලු අංශ මෙකල දියුණු විය.
පොලොන්නරුව සුන්දර පුරයක් ලෙස සැකසුවේ මෙතුමාය. බුරුමය හා පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කර තමා යටතේ තබා ගත්තේය. තුන් නිකාය සමගි කරවා රටේ ආගමික ප්‍රබෝධය ඇති කලේය. වසර 33ක් රජකල මෙතුමාගේ යුගය පොලොන්නරු යුගයේ ස්වර්ණතම කාලයයි.
මහාවංශ දෙවන කොටස, ගල් විහාර පුවරු ලිපිය හා සංගමු විහාර සෙල්ලිපිය මෙතුමාගේ තොරතුරු සපයන මූලාශ්‍රයන් වේ.