පස්වැනි මිහිදු රජුගෙන් පසු රට පාලනය කලේ චෝල පාලකයන් විසිනි. එම පාලනයෙන් රට මුදවා ගත්තේ පලමුවැනි විජයබාහූ රජුය. කුඩා කල කිත්ති කුමරු ලෙස හැදින්වූ මෙතුමාගේ පියා මහාසාමි මොග්ගල්ලානය, මව ලෝකිතා දේවිය නම් වූවාය.
මෙතුමාට කුඩා කල බුදල්නා නම් සෙන්පතියකුගේ ආරක්ෂාව ලැබී ඇත. කිත්ති කුමරු බුදල්නා හා තවත් සෙනෙවියෙකුගේ ආධාරයෙන් කේශධාතු කාශ්‍යප පරාජය කර රුහුණේ රජ විය. මෙහිදී චෝලයෝ රුහුණ ආක්‍රමණය කල අතර රජු පසු බැස්සේය. පසුව සොලීන් රජුට එරෙහිව ආක්‍රමණයක් එල්ල කල අතර එහිදී රජුගේ රවිදේව හා චල යන සෙනෙවියෝ සොලීන්ට එකතුවී ඇත. රජු පසු බැස පසුව සොලීන් පරදා පොලොන්නරුව ජය ගත්තේය. නමුත් සොලීන්ට ආධාර සේනාංක ලව්බීම නිසා රජු නැවතත් පසු බැස පසුව සේනා ශක්තිය වැඩි කරගෙන මාර්ග 3 කින් පොලොන්නරුවට පැමිණ පොලොන්නරුව අල්ලාගෙන එහි රජ විය.
රට එක්සත් කල මෙතුමා ආර්ථිකය නගා සිටුවමින් බුදු සසුනේ දියුණුවටද දායක විය. පාණ්ඩ්‍ය දේශය හා කාලිංග දේශය සමග සබදතා පැවැත්වූ මෙතුමා බුරුමය සමග සමීප සබදතා පවත්වා ඇත.
පනාකඩුව තඹ සන්නස, මහාවංශ දෙවැනි කොටස හා අඹගමු සෙල්ලිපිය මෙතුමා පිලිබද තොරතුරු සපයන මූලාශ්‍ර වේ.






0 comments:
Post a Comment