Thursday, 19 February 2015

යාපහුව රාජධානිය

පළමුවන බුවනෙකබාහූ රජු ක්‍රි.ව. 1272 දී යාපහුව රාජධානියේ පාලකයා විය. බෝසත් විජයබාහූ රජුට පක්ෂපාතී නායකයන්ගෙන්ද උතුරේ සිටි රජවරුන්ගෙන්ද මෙතුමාට අභියෝග එල්ල වූවත් ඒවා පහසුවෙන් ජය ගැනීමට මෙතුමා සමත් විය. වාර්ෂික උපසම්පදා කර්මය නොකඩවා මෙකල සිදු විය. ක්‍රි.ව. 1284 දී මෙතුමාගේ මරණයත් සමග පාණ්ඩ්‍ය දේශයෙන් යාපහුවට ආක්‍රමණයක් එල්ල විය. ආර්‍ය චක්‍රවර්තී රජෙකු විසින් මෙය මෙහෙයවා ඇති අතර ඔහු යාපහුව වටලා දන්ත දාතූන් වහන්සේ රැගෙන ගොස් ඇත. පසුව මෙකල සාගතයක් ඇති විය. ක්‍රි.ව. 1287 දී තුන්වන පරාක්‍රමබාහූ රජු පාණ්ඩ්‍ය දේශයට ගොස් දන්ත ධාතුව රැගෙන විත් පොලොන්නරුවේ රජ විය. ක්‍රි.ව. 1292 දී දෙවන බුවනෙකබාහූ කුමරු ඔහුව පරදා නැවත යාපහුවේ රජ විය. මොහු පසුව තම රාජධානිය කුරුණෑගලට මාරු කලේය.