Thursday, 19 February 2015

තුන්වන විජයබාහූ රජු

1232 දී රාජ්‍යත්වයට පත් මෙතුමා මායා රට එක්සත් කර එහි සාමය ඇති කලේය. මාඝ ආක්‍රමණයෙන් කොත්මලයට රැගෙන ගිය දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව වැඩමවාගෙන විත් බෙලිගල පර්වතය මුදුනේ දළදා මාලිගාවක් ඉදි කලේය. රැකවරණය පතා විදේශ ගත වූ භික්ෂූන් නැවත ගෙන් වූ අතර දඹදෙණියේ විජය සුන්දරාරාමය නම් විහාරයක්ද වත්තල විජයබාහූ නම් විහාරයක්ද කලේය. උපසම්පදා මංගල්‍ය නැවත පවත්වා සංඝ සංශෝධනයක්ද කල අතර කැලණි විහාරය නැවත ප්‍රතිසංස්කරණය කරමින් පැරණි බෞද්ධ පොත පත නැවත ලියවීය. මෙතුමාගෙන් පසුව දඹදෙණියේ රජ වූයේ දෙවන පරාක්‍රමබාහූ රජතුමාය

0 comments: