Tuesday, 17 February 2015

කාශ්‍යප රජතුමා

කාශ්‍යප කුමරු ධාතුසේන රජුගේ අගමෙහෙසියගේ පුත්‍රයකු නොවීය. රජකමේ නියම උරුමක්කාරයා වූ මුගලන්ට පෙර මිගාර සෙනෙවියාගේ උපකාරයෙන් ධාතුසේන රජු මරා මොහු රජකම උදුරා ගත්තේය. මෙයින් කෝපයට පත් මුගලන් කුමරු දකුණු ඉන්දියාවට පලා ගියේය.
කවදා හෝ මුගලන් තමාට එරෙහිව සටනට එන බව දැනගත් කාශ්‍යප තම රාජධානිය සීගිරියට ගෙන ගියේය.
එහිදී ඔහු විසින් වසර 18ක් තුල සීගිරිය අංග සම්පූර්ණ කලා බවනක් බවට පත් කළේය. නගර නිර්මාණය පිළිබද පැරණි සිංහලයන්ගේ නිපුනත්වය පෙන්නුම් කරන එය අති විශිෂ්ඨ විශ්මයජනක නිර්මාණයකි.
එහි ඇති දිය අගල්, පියගැටපෙල, රාජමාලිගය, උද්‍යාන, පොකුනු හා කැටපත් පෞර ඉතා මනරම් මෙන්ම විශ්මය ජනකය. මේ හේතුකොටගෙන එය ජාතික උරුමයක් බවට පත් වී ඇත.
වසර 18ක් රජකල කාශ්‍යප රජු මුගලන් කුමරු හමුවේ පරාජයට පත් වී මරණයට පත් විය.