Friday, 20 February 2015

මධ්‍යකාලීන ලංකාවේ ආගමික හා කලා කටයුතු

මාඝ ආක්‍රමණය නිසා භික්ෂූන් වහන්සේලා රුහුණට හා මායා රටට සංක්‍රමණය විය. දඹදෙණි තුන්වන විජයබාහූ රජු විජය සුන්දරාරාමය නම් විහාරයක්ද බෙලිගල දළදා මාලිගාවද ඉදි කරමින් ආගමික දියුණුවට කටයුතු කළේය.
ප්‍රකට සාහිත්‍යකරුවකු වූ දෙවන පරාක්‍රමබාහූ රජුගේ කාලයේ කවි සිළුමිණ, සද්ධර්මරත්නාවලිය, විසුද්ධි මාර්ග සන්නය වැනි සාහිත්‍ය ග්‍රන්ථ බිහි  විය. තවද සංදේශ කාව්‍ය ආරම්භ වීමද මෙකල සිදු විය.
සාහිත්‍යයේ ස්වර්ණතම යුගය වූයේ කෝට්ටේ යුගයයි. මෙකල තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වීදාගම මෛත්‍රිය හිමි වැනි උගතුන් විහි වීම ඊට හේතුවයි. මෙකල ලෝවැඩ සගරාව, බුදුගුණ අලංකාරය, ගුත්තිල කාව්‍ය වැනි විශිෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථද තවත් සංදේශ කාව්‍ය විශාල ප්‍රමාණයක්ද බිහි විය. මෙකල තවත් කැපී පෙනුණ කාරණයක් වූයේ පිරිවෙන් අධ්‍යාපනයේ දියුණුවයි. ඒ අනුව පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන, වීදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන වැනි ප්‍රකට අධ්‍යාපන ආයතන එකල විය.
ගෘහ නිර්මාණ ශිල්පය සලකා බලන විට යාපහුව රාජධානි සමයේ දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය දක්නට ලැබේ. ගම්පොල රාජ සමයේදී බෞද්ධ හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ සංකලනයෙන් ගොඩනැගිලි නිර්මාණය විය.
උදා; ගඩලාදෙණිය විහාරය, ඇම්බැක්ක විහාරය
දළදා පෙරහැර බෞද්ධ පුද පූජා අතර ප්‍රධාතම උත්සවයක් විය. ඊටරාජ අනුග්‍රහය ලැබී ඇත.
හින්දු ආගමිකයන් දීපවාලී,තෛපොන්ගල් වැනි උත්සව පැවැත්වූහ.