Sunday 22 February 2015

පෘතුග්‍රීසීන්ගේ පැමිණීම

ක්‍රි.ව. 1453 දී මුස්ලිම්වරුන් හා කිතුණුවන් අතර ඇතිවූ කුරුස යුද්ධ වලින් මුස්ලිම්වරු ජය ගත්හ. එමගින් යුරෝපීයන්ට පෙරදිගට පැමිණිමට තිබූ මර්ග සියල්ලම අවහිර විය. විශේෂයෙන්ම කොන්ස්තන්තිනෝපල් නගරය මුස්ලිම් වරු සතු වීම ඊට ප්‍රධාන හේතුවයි. පෙරදිගට පැමිණීමට තිබූ මාර්ග සියල්ලම වැටී තිබුණේ කොන්ස්තන්තිනෝපලය හරහාය.
මේ හේතුවෙන් යුරෝපීයයෝ පෙරදිගට පැමිණීමට නව මුහුදු මාර්ග සෙවූහ. ඒ අනුව පෘතුගාල ජාතිකයෝ සාගර ගවේෂණයේ ප්‍රමුඛත්වය ගත්හ. ක්‍රි.ව. 1498 දී වස්කෝද ගාමා ඉන්දියාවට පැමිණීමට නව මුහුදු මාර්ගයක් සොයා ගැනීමත් සමග යුරෝපීයන්ට නැවතත් පෙරදිග මාර්ගය විවර විය.
ක්‍රි.ව 1505 දී ලොරෙන්සෝද අල්මේදා ප්‍රමුඛ කණ්ඩායමක් කුණාටුවකට අසුව ලංකාවේ ගාලු වරායට සේන්දු වීමත් සමග පෘතුග්‍රීසීන්ගේ අවධානය ලංකාව දෙසට යොමු විය. ඊට හේතුව වූයේ ලංකාව කුරුදු අතින් ලබා තිබූ ප්‍රසිද්ධියයි.
මේ කාලය වන විට ලංකාවේ ප්‍රධාන පාලන මධ්‍යස්ථාන 3ක් විය එනම් කෝට්ටේ, කන්ද  උඩරට හා යාපනයයි. අටවන වීර පරාක්‍රමබාහූ එකල කෝට්ටේ පාලකයා විය. සේනා සම්මත වික්‍රමබාහූ උඩරටත් පරරාජසේකරම් යාපනයේත් පාලකයෝ වූහ.

0 comments: