Sunday 22 February 2015

විජයබා කොල්ලය

ක්‍රි.ව 1521 දී කෝට්ටේ පාලකයා වූයේ හයවන විජයබාහූ රජතුමාය. මෙතුමාට බුවනෙකබාහූ , රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ ලෙස පුතුන් තිදෙනෙකු විය. රජතුමාට දෙවන වර විවාහයෙන් දේවරාජ නම් පුත්‍රයකුද වූ අතර රජුගෙන් පසු කෝට්ටේ බලය ඔහුට දීමට සැරසෙන බව රාවයක්ද පැතිර ගියේය. මෙයින් කෝපයට පත් කුමාරවරු තිදෙනා රජු මරා කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදා ගත්තේය. මෙය “විජයබා කොල්ලය” ලෙස හැදින් වේ.
ඒ අනුව
කෝට්ටේ – හත්වන බුවනෙකබාහුත්
රයිගම – රයිගම බණ්ඩාරත්
සීතාවක – මායාදුන්නේත් යටතේ පාලනය විය.
මෙහි ප්‍රධාන පාලන මධ්‍යස්ථානය වූයේ කෝට්ටේ රාජ්‍යයයි. එහි පාලකයා වූ හත්වන බුවනෙකබාහූ සිය සහෝදරයා වූ මායාදුන්නේ කෙරෙහි බියෙන් රාජ්‍ය පාලනය කල අතර ඊට හේතුව වූයේ ඔහුගේ කාර්‍යශූරත්වයත් දැඩි රණකාමීත්වයත්‍ ය. මේ හේතුවෙන් ඔහු පෘතුග්‍රීසීන්ගෙන් සහාය පැතීය. මෙමගින් ලංකාවේ පාලනය ලබා ගැනීමට මාන බලමින් සිටි පෘතුග්‍රීසීන්ට මහගු අවස්ථාවක් හිමි විය.

0 comments: