Tuesday 17 February 2015

වැවක ප්‍රධාන කොටස්

  • වැව් බැම්ම
මෙය දැවන්ත නිර්මාණයකි. සමහර වැව් වල මෙය සැතපුම් නවය ඉක්මවා ඇත. තවද ඒවා සැතපුම් නවය ඉක්මවා උසින් යුතුය. මේවා විහිදුවා ඇත්තේ සමෝච්ච රේඛා ක්‍රමයටය. මේ සදහා භූමියේ පිහිටීම, පාෂාණ වර්ග ආදී භෞතික කරුණුද සලකා ඇත. මෙය සාදා ඇත්තේ පස් යොදා ගනිමිනි. ඒ සදහා පස් එලීම හා එතීම විද්‍යාත්මක ක්‍රමයකට අනුව සිදු කර ඇත. එමගින් එහි ශක්තිමත් බව හා කල්පැවැත්ම තීරණය වී ඇත.
  • සොරොව්
වැව් ජලය වාරි මාර්ග වලට මුදා හැරීමට සොරොව් නිර්මිතය. මඩ සොරොව්ව හා ගොඩ සොරොව්ව ලෙස කොටස් 2කි. මඩ සොරොව්ව වැව පතුලේ පිහිටි අතර වැවට එකතුවන රොන්මඩ එමගින් ඉවත් කර ඇත. කෙත්බිම්වලට ජලය මුදා හරින ලද්දේ ගොඩ සොරොව්වෙනි. තාක්ෂණික ක්‍රම අනුව සොරොව් වර්ග 2කි.
  1. කොට සොරොව්ව
ප්‍රමානයෙන් කුඩා වැව් වල විය. සිලින්ඩරාකාර ලී කොට එකිනෙක මත තැන්පත් කර ඇත. එක මත එක තැබූ ලී කොට එකින් එක ඉවත් කිරීමෙන් මුලු වැවේම ජලය හිස් කල හැකි විය
  1. බිසෝ කොටුව
විශාල වැව් සදහා කලු ගලින් නිර්මිත විශිෂ්ඨ නිර්මාණයකි. මෙහි යොදාගත් තාක්ෂණය අදටත් විශ්මය ජනකය. හතරැස් ලිදක හැඩයට නිමවා ඇති අතර අවශ්‍ය වෙලාවට හා අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කිරීමට ‘මොහොල’ නම් විශේෂ ජල පාලක උපකරනයක් මෙහි විය.
  • ඇතුලුවාන හා පිටවාන
බාහිර ජල සැපයුමක් වැවට ඇතුලු වන්නේ ඇතුලුවාන මගිනි. වැවට රොන් මඩ ඇතුලු නොවීමට වැවට මදක් ඈතින් කුඩා ජලාශයක් ඉදිකර තිබුණි.
පිටවාන ඉතා ශක්තිමත් ලෙස නිමවා ඇත. වැවේ විශාලත්වය අනුව පිටවාන් එකක් හෝ දෙකක් විය. වැවට එකතුවන අතිරේක ජලය මෙමගින් ඉවත්කර ඇත.
  • රළපනාව
වැව් බැම්මේ ආරක්ෂාවට වැවේ ඇතුලු පැත්තේ යෙදූ කලුගල් පුවරුවකි. මෙමගින් වැව් බැම්ම රළ පහරින් සේදී යාම වැලකී ඇත.
  • ඉස්වැටි හා කලිගු බැමි
වැවට ඉහලින් ඇති ප්‍රදේශයේ ඉදිකල අඩි 2ක් හෝ 3ක් පමණ උස පස් බැමි ඉස්වැටි ලෙස හැදින්විණි. මෙමගින් වැලි හා මඩ ආදිය වැවට එකතු වීම මෙමගින් වැලකී ඇත.
වැවක පිටවානට ඇතුලින් වැව තුල වැව් බැම්මට ලම්බව යෙදූ බැමි විශේෂයක් පරාක්‍රම සමුද්‍රයේ ඇත. මේවා කලිගු බැමි ලෙස හැදින්වේ. පිටවාන කැඩී යාමෙන් වැවේ ජලය හිස් වීම වැලැක්වීම මෙහි අරමුණ විය.
  • වැව් තාවුල්ල
වැව වටා පිහිටි ප්‍රදේශය මෙලෙස හදුන්වයි. මෙහි සිසිල් බවෙන් යුතු ශාක විය.
  • කුළු වැව්
කුඩා දිය පහරවල් හරහා පටු බැම්මක් යෙදීමෙන් සැකසූ කුඩා වැව් වේ. ප්‍රධාන වැවට රොන් මඩ එකතු වීම වැලැක්වීම මෙහි අරමුණයි.

0 comments: