බුදු දහමේ ආභාෂය මත මුල් කාලයේ ලෙන් වල විසූ භික්ෂූන් උදෙසා ආරාම ඉදිකර පූජා කරන ලදි. ජනතාවගේ වන්දනාමානයට චෛත්‍ය හා විහාර ගෙවල් නිර්මාණය වූ අතර එය ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුවටද හේතු විය.
ලංකාවේ ඉදි වූ මුල්ම චෛත්‍ය ථූපාරාමයයි. කල්යත්ම රුවන්වැලිසෑය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය වැනි චෛත්‍ය බිහිවිය. මෙහිදී පැරණි නිර්මාණ ශිල්පීන් ඉහල තාක්ෂණයක් යොදාගෙන ඇත. චෛත්‍යයේ වාහල්කඩ ඉතා අලංකාර කැටයම් වලින් යුතු විය.
- වාහල්කඩ
චෛත්‍ය වට කර කණු මත පිහිටවනු ලැබූ කවාකාර වහලකින් යුතු වූවකි. ථූපාරාමය හා මැදිරිගිරි විහාර මීට නිදසුන්ය. මේවා සදහා ලී හා ගල් කණු යොදාගෙන ඇති අතර ඒවා කැටයම් යොදා අලංකාර ලෙස සකසා තිබුණි.
- ආරාම
භික්ෂූණ් වහන්සේලා උදෙසා මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය වැනි ආරාම ඉදි කෙරිණි. ඒ අතර දුටුගැමුණු රජු කල ලෝවාමහාපාය සුවිශේෂී වේ.
පොහොය ගෙවල්, බෝධිඝර, දාන ශාලා, භාවනා කුටි හා බෙහෙත් ශාලා ආදිය ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් නිර්මාණ විය.
- කැටයම් හා මූර්ති
මේවා අතර කොරවක්ගල, අඩ සදක හැඩයට කල සදකඩපහණ හා මුරගල කැපී පෙනේ. මැද පිපුණු නෙලුම් මලකින්ද ඒ වටා ලියවැල් රවුමකින්ද හංස පේලියකින්ද සිංහ, අශ්ව, වෘෂභ යන සත්ව පේලියකින්ද කෙලවර ගිනිදැල් හා පලා පෙති මෝස්තර වලින්ද සදකඩපහණ අලංකෘත විය. තවද ඒ වටා මුර ගල් හා කොරවක්ගල් දෙකකින්ද යුක්ත විය.
අශ්ව හිස මිනිසා, ඉසුරුමුණි පෙම් යුවල ආදී කැටයම් එකල කලා ශිල්පවල විශිෂ්ඨත්වය පිලිඹිබු කරවයි. පිලිම නෙලීම කලා ශිල්ප අතර තවත් වැදගත් වූවකි. ඒ යටතේ හිදි පිලිම, හිටි පිලිම, සැතපෙන පිලිම නිර්මාණය කර ඇත. අනුරාධපුර යුගයේ බහුලව දක්නට ලැබෙනුයේ හිදි පිලිමය. ඊට කුට්ටම් පොකුන අසල සමාධි පිලිමය කදිම නිදසුනකි. සමාධි සුවයෙන් වැඩ සිටින එහි, බුදුරදුන්ගේ මෛත්‍රිය හා හා කරුණාව පිලිඹිබු කරයි. අවුකන බුදු පිලිමය හිටි පිලිමවලට නිදසුනකි. කලුගල් මත සියුම්ව කල සැතපෙන පිලිම එකල කලා ශිල්ප වල උසස් බව පෙන්නුම් කරයි. පොලොන්නරු යුගයේදී ශිව, විෂ්ණු, ගණ දෙවි වැනි දේව ප්‍රතිමා නිර්මාණය වී ඇත.
ගෘහ නිර්මාණ ශිල්ප අතර චෝල වාස්තු විද්‍යාව අනුව ඉදිකල ශිව දේවාල වැදගත් වේ. තවද පොලොන්නරු සත්මහල් ප්‍රාසාදය හා නිශ්ශංක රාජ මණ්ඩපය එකල විශිෂ්ඨ ගෘහ නිර්මාණයන්ය. මහවැව්වලින් ජලය ලබාගෙන එකල නගරයේ අලංකාරය උදෙසා පොකුණු නිර්මාණය විය. ඒ අතර කුට්ටම් පොකුණ කැපී පෙනේ.
කලා ශිල්ප අතර ච්ත්‍ර කලාව ඉතා වැදගත් වේ. ඒ අතර සීගිරි පර්වතයේ ඇති ලෙන්වල චිත්‍ර විශ්ව කීර්තියට පත්ව ඇත. මේවාට ඉන්දියාවේ අජන්තා චිත්‍ර වල ආභාෂය ලැබී ඇතැයි විශ්වාස කෙරේ. පොලොන්නරු යුගයට අයත් චිත්‍ර ලංකාතිලක පිලිමගෙය, ගල් විහාරය හා තිවංක පිලිම ගෙයින් හමුවේ.
0 comments:
Post a Comment