Tuesday, 17 February 2015

මහසෙන් රජතුමා

ගෝඨාභය රජුගේ බාල පුත්‍රයා වූ මහසෙන් කුමරු ළමා කල ඇසුරු කලේ අභයගිරි විහාර වාස සංඝමිත්ත නම් භික්ෂුවක් සමගය. මහසෙන් රජ වූ පසු එම තෙරුන්ගේ අනුමැතිය මත මහායාන බුදුදහමට නැඹුරු වීම නිසා මහා විහාර භික්ෂූණ් වහන්සේලා අනුරපුර අතහැර ගියේය.
මේ හේතුවෙන් මේඝවර්ණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් රජුට එරෙහිව කැරැල්ලක් ඇතිවිය. රජු නැවත මහා විහාරය ගොඩ නැගීම නිසා කැරැල්ල සමථයකට පත් වූ අතර මහා විහාර භික්ෂූණ් නැවත පැමිණියහ.
නමුත් පසුව රජු,  එම භික්ෂූණ්ගේ අණ නොතකා  එහි ජේතවනාරාමය ගොඩනගන ලද අතර එය තිස්ස නම් තෙරුන්ට පූජා කලේය. මෙයින් ලංකාවේ ජේතවන නිකාය ආරම්භ විය.
ආගමික අතින් අර්බුද පැවතියත් වැව් 16 ක් මෙතුමා විසින් කරන ලදී. මින්නේරිය, හුරුළු, රන්තිසා, මහකනදරා, මාමිණියා, කවුඩුළු, මාගල්ල, මොර වැව ආදිය ඒ අතර වේ. ඇලහැර ඇල විශාල කල මෙතුමා තලවතු ඇල වැනි ඇලවල් ද කරමින් රටේ වාරි තාක්ෂණයට ඉමහත් සේවයක් කලේය.

0 comments: