ලංකාවේ ආර්‍ය ජනාවාස පිහිටුවීම පිලිබද පුරාවෘත හා සාහිත්‍යමය මූලාශ්‍ර වල සදහන් වේ.
මහාවංශයට අනුව ඉන්දියාවේ ලාට රට රජකල සිංහභාහු රජුගේ පුතා වූයේ විජයයි. මොහුගේ විෂම ගති පැවතුම් හේතුවෙන් රජු විජය හා 700 පිරිස රටින් පිටුවහල් කලේය. මේ පිරිස ලංකාවේ තම්බපණ්ණි ප්‍රදේශයට ගොඩ බෑ අතර එදින බුදුරදුන් පිරිනිවන් පෑ දිනය විය.
පසුව මේ පිරිසට කුවේණී මුන ගැසෙන අතර ඇය විජයගේ පිරිස මායා බලයෙන් සිර කරනු ලබන බවත් පසුව විජය ඔවුන් මුදා ගත් බවත් එහිදී ඔහුට ලංකා රාජ්‍ය හිමි වූ බවත් මහාවංශයේ සදහන් වේ. එදිනම සිරිවත්ථු නුවරදී යක්ෂ ගෝත්‍රිකයන් පරාජය කල විජය ලංකා රාජ්යේ බලය තහවුරු කරන ලදී. ඊට කුවේණීගේ උපකාරය ද ලැබී ඇත.
රාජ්‍ය පිහිටුවීමෙන් පසු විජය මදුරාපුර පාණ්ඩ්‍ය කුමාරිකාවක් විවාහ කරගත් අතර ඔහු පාලන ප්‍රදේශය ලෙස තම්බපණ්ණි ප්‍රදේශය තෝරා ගනු ලැබීය. ඔහු වසර 38 ක් රජකම් කල අතර ඔහුගේ ඇමතිවරු අනුරාධ, උපතිස්ස, උරුවේල හා විජිත යන ජනපද පිහිටුවීය.
විජයගෙන් පසු පඩුවස්දෙව් රජකම භාරගත් අතර ඔහුගේ අග මෙහෙසිය වූයේ මගධයේ කුමාරිකාවක වන භද්දකච්චායනා කුමාරියයි. ඇගේ සොහොයුරෝ විජිතගාම, රාමගෝණ, දීඝගාම හා රෝහණ යන ජනපද පිහිටුවීය. මේවා නැගෙනහිර හා ගිනිකොණ දිග ප්‍රදේශ දෙසට වන්නට විය. බටහිර ප්‍රදේශයේ කල්‍යාණී, ගිනිකොන දිග මහාගාම හා කචරගාම නම්ද තවත් ජනාවාස මෙකල බිහිවිය.මෙම ජනාවාස මුලින් ගංගා ඇසුරින් බිහිවුවද පසුව මේවා රට තුලට ව්‍යාප්ත විය.
කුවේණී
විජය කුවේණී හමුව
වර්තමාන තම්බපණ්ණි ප්‍රදේශය
0 comments:
Post a Comment